පෝරකය අභියස | At The Gallows

 


"රූණ තෝඩුව

 දෙස බලා,

විතකාල භව

 කල්පනා....

තවම නොසිදුණ,

සිතුම් රැහැනක,

අතිකාල 

ආයාචනා…"

⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰

- දිනෙත් ගුණේ -

(2021/06/13)


Word Guide :

රූණ - ලණුව / කඹය

තෝඩුව - ගැටය

විතකාල - ජීවය

අතිකාල - තව ටික වෙලාවක්

Explanation :

මේකෙන් කියවෙන්නේ පෝරකයට නියම වෙච්ච කෙනෙක්ගේ අවසාන මොහොත ගැන. ඒ කියන්නේ මරණ දණ්ඩනයට නියමවෙච්ච මනුස්සයෙක් ගැන. විශේෂත්වය වෙන්නෙ මේ පුද්ගලයා නොකල වරදකට මරණ දණ්ඩනය ලැබුණ කෙනෙක්. එතකොට මේ පද්‍යය තුල ගතවෙන්නේ මේ පුද්ගලයාව පෝරකය අබියසට අරගෙන යන මොහොත. එතකොට මෙතනදි, "රූණ තෝඩුව දෙස බලා" ඒ කියන්නේ ඒ පෝරකයේ තියෙන ලණුවේ, තමන්ගේ බෙල්ලට හිර වෙන්න නියමිත ගැටය දිහා බලාගෙන, "විතකාල භව කල්පනා". මේ මනුස්සයා කල්පනා කරනවා තමන්ගේ ජීවිතය ගැන, පොඩි කාලේ ඉඳන් ගත කරපු කාලය, බලාපොරොත්තු වෙච්ච දේවල්, මේ දේවල් සිද්ධ නොවුනා නම් තමන් ඉස්සරහට මොනවා කරන්න ඉඩ තියෙන්න ඇත්ද කියලා....

"තවම නොසිඳුණ සිතුම් රැහැනක", සමහරවිට මෙයා ජීවිතයේ යම් යම් කඩයිම් පහු කරන්න බලාපොරොත්තු වෙන්න ඇති, මැරෙන්න කලින් කරනවා කියලා හිතාගෙන ඉන්න ඇති ගොඩක් දේවල්. ඉතින් මේ කෙනා, තව ටික වෙලාවකින් තමන්ගේ හුස්ම හිර කරන්න බලාගෙන ඉන්න තොණ්ඩුව දිහා බලාගෙන හිතනවා, මට මම බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබුණාට, ඒවා කරන්න අවස්ථවක් හම්බුණේ නැති උනාට කමක් නෑ, අඩුම ගාණේ මම මේ ලොකෙන් යන්න කලින් ඒ ගැන හිතන්නවත් ඉඩක් දෙන්න කියලා...   

"අතිකාල ආයාචනා..."



Images :

Cover Image : Vocal Media 

Edited Image : Pinterest 

Post a Comment

0 Comments