අල්තාරයේ කුසුම

දේවතා එළි 

නැති රැයේ,

පවුරු වටකල

මාලයේ,

සොම්නසින්

දොම්නසින් පුද ලද

ඇතැම් මල් සුවඳින් පිරේ...


වා තලය මත

රැඳි ලයේ,

එක්ව පරදන

තාලයේ,

මැදුරකින් පැදුරකින්

පුදලද,

ඇතැම් මල් සුවඳින් පිරේ...

⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰

- දිනෙත් ගුණේ -

(2021/06/22)

Word Guide :

අල්තාරය (Altar) - A table or flat-topped block used as the focus for a religious ritual, especially for making sacrifices or offerings to a deity. සරල අදහස වෙන්නේ පූජාසනය කියන එක. සාමාන්‍යයෙන් නම් අල්තාරය කියන වචනය අහන්න ලැබෙනවා ක්‍රිස්තු දේවස්ථාන වල. ඒ අය යාච්ඤා කිරීම් කරන්න යොදාගන්න මේසයක් වගේ තැනට තමයි අල්තාරය කියලා කියන්නේ. 

අල්තාරය (Altar)

Meaning :

මම මේකේ මාතෘකාව විදියට සඳහන් කරන්නේ අල්තාරයේ කුසුම කියන එක. කුසුම(මල) කියන එක මම මෙතනදි යොදාගන්නේ බලාපොරොත්තුව කියන අදහස දෙන්න. අල්තාරය මත කුසුම වෙන්නේ දෙවියන් වහන්සේගෙන් මේ එක එක බලාපොරොත්තු වලට ලැබෙන ආශිර්වාදය ගැන.

"දේවතා එලි නැති රැයේ...", ඇහැට පේන දෙවි කෙනෙක්, රැකවලෙක් නැති උනත් පවුරු වලින් වට වෙච්ච දේවස්ථානයේ තමන්ට ආරක්ෂාව තියෙනවා කියලා දන්න ඕනම කෙනෙක් සතුටෙදි වගේම දුකේදිත් එනවා දෙවියන් වහන්සේ ළඟට. තමන්ගාව තියෙන දහසක් බලාපොරොත්තු ගොනු කරගෙන අල්තාරය ඉස්සරහා ඉඳගෙන දෙවියන් වහන්සේට තමන්ගෙ හිතේ තියෙන දේ කියද්දි, ඒ බලාපොරොත්තු වලට එලියක් ලැබෙනවා කියන එක තමයි පලවෙනි කොටසෙන් කියවෙන්නේ. සුවඳින් පිරේ කියන එකෙන් මම අදහස් කරේ ආශිර්වාදය ලැබෙනවා කියන එක.

දෙවියන් වහන්සේ ළඟ ඉඳගෙන එක්කෙනෙක්ට පස්සේ තවත් කෙනෙක් විදියට මොන මොන පැලැන්තියේ මිනිස්සු ඇවිත් වාතලයට තමන්ගේ හිතේ තියෙන මේ දේවල් ප්‍රකාශ කරත් ඕනම පිවිතුරු ප්‍රා‍ර්ථනයකට දෙවියන් වහන්සේගේ ආශිවාදය ලැබෙනවා කියන එකයි දෙවනි කොටසින් කියන්නේ. සරලවම කිව්වොත් දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තබන ඕනම කෙනෙක්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ කෙනා මැදුරක ඉඳන් ආවත්,පැල්පතක ඉඳන් ආවත්. 

"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි"

(ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි)

Image Sources :

Cover ImageWallpaper Safari

Pink Rose - Wallpaper Access 

Altar - Wikipedia

Post a Comment

1 Comments