Agents Of The White Lotus Episode 03 : A Visitor


ඇවටා Aang සහ අග්නි රජු Zuko ලොවට සාමය උදා කර ඇත. එහිදී ඇවටා හට ශක්තියක් වූ ධවල සියපත් සංවිධානයේ ඉදිරි කතාවයි මේ....

The Agents Of The White Lotus  (Introduction and Episodes List)

A fanmade story by Dineth Gunawardana

💧 🏞️ 🔥 🌪️ 🚫  ▶️  💮

------------------------------------------------------

Season 1

------------------------------------------------------

Episode 3 : A Visitor (අමුත්තෙක් )

------------------------------------------------------

"ආධ්‍යාත්මයට පිවිසෙන්න. ස්වභාවධර්මයත් මෙනෙහි කරන්න. ඕක නිකම්ම යකඩ කෑල්ලක් නෙමෙයි. ඕක හදලා තියෙන්නෙත් මේ වැලි පස් වගේ දේවල් වලින්ම තමයි. යකඩය ඇතුලෙන් ඒ දේවල් වලට අවධානය යොමු කරන්න. ඕක මහලොකු වැඩක් නෙමේ."

Toph Beifong මේ වන විට පෘථිවි රාජධානියේ පිහිටි Master Yu* ගේ Earthbending පාසලට නැවත පණ දී තිබුණි. තමන් සොයා ගත් ලෝහ දුනු ශිල්පය වැඩි දියුණු කිරීමත් එය පුහුණු කරවීමත් ඇයගේ අභිප්‍රාය විය. 

"වැඩේ හිතුවට වඩා අමාරුයි වගේ ? " ඇගේ පිටුපසින් පැමිනි Kento* විමසුවේය.

"මෙලෝම රහක් නෑ. මේ මී පැටවුන්ට ඒකවත් හරියට කරගන්න බෑ. " Toph තරහින් කියා සිටියේය.

"වැඩිය හිතන්නෙපා. ඔයාටත් එක පාරන්ම ඕක කරන්න බැරි උනානේ. මුලින් ඕක අහම්බෙන්නෙ උනේ. නේද ? "

"ඔයා මොනවද Kento දන්නේ. දැන් මොකද මේ එකපාරට මාව මතක් වෙලා ආවේ. මම කියලා තියෙනවනේ ඉස්කෝලෙට එන්න එපා කියලා ? "

"මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ ඉතින් මට සල්ලි...."

"සල්ලි ? තමුන් හිතන් ඉන්නෙ මන් මෙතන මොකක් කරනවා කියලද ? Lin ව බලාගන්න එක මදිවට දැන් තමුන්ට මාව බැංකුවක් වගේ පේනවද ? "

"Toph අපි මේ ගැන කතා කරා. අනික මට පවුල ගැන හැඟීමක් නැතුව නෙමෙයිනේ..."

"පවුල ! (ටොෆ් උපහාසයෙන් මෙන් පැවසීය) ඕක තමා ඔක්කොටම හේතුව. හොඳට අහගන්න. මම හෙට උදේ බා සිං සේ වලට යනවා. මම ගිහින් එනකන් Lin ව හොඳට බලාගන්නවා. "

"ඇයි බා සිං සේ ? " 

"ඇවටාගේ වැඩකට. තව ප්‍රශ්න ඕන නෑ. කියපු විදියට කරනවා "

 ...................................................

අග්නි රජු සූකෝ කඳු, මුහුදු, දූපත් පසු කරමින් බා සිං සේ බලා යමින් සිටියේය. එහිදී ඔහු අමුතු පිහිටීමක් සහිත දූපතක් දුටුවේය. මින් පෙර එය දැක ඇති බවක් හෝ ඒ වෙත ගොස් ඇති බවක් ඔහුගේ මතකයේ නොවිනි. එබැවින් ඒ වෙත ගොස් බැලීමට ඔහුට සිත්විය.

දූපතට ගොඩබට සූකෝ දිගින් දිගටම දූපත තුලටම යන්නට විය. ඔහුට පළකයක් දක්නට ලැබුනි. ඒ වෙත ගියත් එහි ලියා ඇති දෙය තේරුම් ගැනීමට ඔහුට නොහැකි විය. කුතුහලය නිසාම තවත් ඉදිරියටම ගිය සූකෝ එලිමහන් අංගනයකට පිවිසිය. ඔහුට තේරුම් ගියේ මෙය දූපතේ හරි මැද්දට වන්නට පිහිටි වැවක් ලෙසයි.

"තමුන් කවුරු උනත් කමක් නෑ අත් දෙක පිටිපස්සට කරලා දණ ගහනවා. " සුකෝගේ පිටුපසින් හඬක් නැගුනි.

"මම මේ....." 

සුකෝට කියා ගත හැකි වූයේ එපමණකි. ඔහුගේ බාහු දෙකට පහරක් එල්ල වූ බවත් අත් දෙක පණ නැති බවක්ද ඔහුට දැනුනි. ඊළඟ පහර එල්ල වූයේ වලලුකරටයි. සුකෝ එතැනම දණ ගැස්සුනි.

"තමුන්ලා Chi- Blockers ලා "

"ඔව් අපි එහෙම තමයි. කිසිම Bending Power එකක් නැතිව ඉපදුනාට අපි නිකම්මු නෙවෙයි නේ "

නැවතත් අර සුපුරුදු කටහ‍ඬම ඇසුණු අතර වෙස් මූණක් දමා ගත් පුද්ගලයෙක් ඔහු ඉදිරියට පැමිනීය. 

"මම මියාජෝ. ආග්‍රා සටන්කරුවන්ගේ ප්‍රධානියා. ආග්‍රා දූපත් වල ආරක්ෂකයා " 

"ආයුධයක්වත් නැති මිනිහෙක්ගෙ අත පය පන නැති කරලා කට්ටිය වට කරන් හිනා වෙන කෙනෙක්ට ආරක්ෂකයෙක් කියනවා කියලා මම දැනන් හිටියෙ නෑනේ "

"ඒකයි ආග්‍රා වල සිරිත. සතුරාට කිසිම අවස්ථාවක් දෙන්නෙ නෑ අපේ ආරක්ෂාව තහවුරු වෙනකන්. සතුරාව අඩපණ කරලයි අපි ප්‍රශ්න කරන්නේ. ඔහු කවුරු උනත් "

"එහෙනම් දැන ගන්නවා මමයි අග්නි රජු සූකො. මේ ලෝකයට හානියක් නැත්නම් මම ඔබේ හතුරෙක් නෙමෙයි."

මියාජෝ සිනාසෙන්නට විය.

"ඒ ඇහුනද ? මෙයා අග්නි රජතුමාලු "

"එහෙනම් ඔබතුමා ඇවටා වෙන්න ඇති " පිරිසේ සිටි අයෙක් උපහාසෙයෙන් මෙන් මියාජෝට පැවසීය.

"ඔප්පු කරනවා ඒක" මියාජෝ පැවසීය.

"විහිලු කරනවද ? පේන්නෙ නැද්ද මගේ මූණේ තියෙන කැළල ?" 

"ඒකෙ නම් මොකුත් ලියවිලා නෑ ඔබ අග්නි රජු කියලා. " මියාජෝ නැවතත් සිනා වෙන්නට විය.

"ඔච්චරම නිර්භීත නම් ඇයි වෙස්මූනක් දාගෙන ඉන්නෙ ? "

සිය දෑත් නැවතත් ප්‍රාණවත් වනු දැනුනු හෙයින් සුකෝ තවත් මද වේලාවක් ලබා ගන්නා අදහසින් විමසීය. 

"ඒක තමයි අපේ අනන්‍යතාවය. අපේ අභිමානය. රජුන් පවා දණ ගස්වන අපේ....."

සුකෝගෙන් මියාජෝට අග්නි පහරක් එල්ල වී තිබිණි. අඩි කීපයක් විසිවී ගිය මියාජෝ බිම පතිත විය. නමුත් හානියක් නොවුනි. මින් පුදුමයට පත් සුකෝ තම කබාය තුළට අත දමා යමක් ගත්තේය. 

"මේ තමයි රාජකීය මුද්‍රාව. දැන්වත් පිලිගන්නවද ? "

එය පරීක්ෂා කර බැලීමට පිරිසෙන් අයෙක් සුකෝ දෙසට ආවේය. ඔහුටත් සුකෝ විසින් අග්නි ප්‍රහාරයක් එල්ල වුනි. සුකෝ සටනට සැරසිනි. නමුත් නැවතත් තමා අප්‍රානික වන බවක් ඔහුට දැනුනි. සුකෝ නැවතත් බිම පතිත විය. ඔහුට සියල්ල පෙනේ. සියල්ල ඇසේ. නමුත් ඇඟිල්ලක්වත් සෙලවිය නොහැක.

"වැරදි වැඩක් කලේ රජතුමනි. ඔබට වැඩ පෙන්නන්න මේක යුධ බිමක් වත් අග්නි දේශයවත් නෙමෙයි. මගේ සටන් කරුවන් අනෙත් ඕනම කෙනෙක්ට වඩා වේගවත්. ඒකයි අපිට ආග්‍රා සටන්කරුවන් කියනේ. උස්සගන්නවා මෙයාව අපි මොහුව ප්‍රධානියා ළඟට අරන් යමු. "

නමුත් ඔහුට එය සම්පූර්ණ කල නොහැකි විය. එකවරම ඔහුව විසිවී ගොස් අසල තිබූ ගසක වැදුනි.

සියල්ලන්ටම සුළඟේ වෙනසක් වනු දැනුනි. වේගවත් සුළඟක් හමා එන්නට විය. නොසිතූ පරිදි සිදුවූ දෙයින් වික්ෂිප්ත වූ පිරිස වනය තුළට දුවන්නට විය. සුකෝද නැගිටින්නට උත්සාහ කල නමුත් තවමත් ඔහුගේ සිරුර යථා තත්වයට පත් වී නොතිබුනි. 

සුකෝ ඇරෙන්නට අනෙක් සියල්ලෝම ඉවත්ව ගොස් සිටි අතර සුළඟ කෙමෙන් කෙමෙන් අඩු වන්නට විය. සුකෝට තමා වෙතට කවුරුන් හෝ පැමිනෙන බවක් දැනුනි.

"උදව්වක් ඕනෙද යාලුවා..? "

#To_Be_Continued 

------------------------------------------------------
💧 🏞️ 🔥 🌪️ 🚫  ▶️  💮

Post a Comment

0 Comments