Agents Of The White Lotus Episode 01 : Unexpectedly

ඇවටා Aang සහ අග්නි රජු Zuko, හිටපු අග්නි රජු Osai පරදා ලොවට සාමය උදා කර ඇත. එහිදී ඇවටාගේ ජයග්‍රහණය තහවුරු කිරිමට ශක්තියක් වූ ධවල සියපත් සංවිධානයේ ඉදිරි කතාවයි මේ....


The Agents Of The White Lotus  (Introduction and Episodes List)

A Story By Dineth Gunawardana

💧 🏞️ 🔥 🌪️ 🚫 ▶️ 💮

------------------------------------------------------

Season 1

------------------------------------------------------

Episode 1 : Unexpectedly ( අනපේක්ෂිතව )

------------------------------------------------------

එදත් අග්නි රාජ්‍යයේ සාමාන්‍ය සැන්දෑවකි. අගිනි රජු Zuko තම දවසේ රාජ්‍ය කටයුතු අවසන් කොට සිය කාමරය බලා යමින් සිටියේය. නමුත් එකවරම ඔහු ඉදිරියට ආවේ අග්නි රාජ්‍යයේ පණිවුඩ ගෙනයන උකුස්සෙකි. දෙවරක් නොබලාම ඔහු තම මාමාගේ උකුස්සා හඳුනා ගත්තේය. 

කොහොමද Kiru. මොකද අද පරක්කු ? ඔහු හිතවත් හඬින් විමසමින් උකුස්සා පිටේ එල්ලා ඇති පැස තුළින් ලිපිය එළියට ගෙන Kiru ව පිටත් කර හැරියේය..

තම කාමරයට ගිය Zuko, මාමාගෙන් ලැබුනු ලිපිය කියවන්නට විය...

හිතවත් Zuko, 

අභිෂේක උත්සවයට පස්සෙ අපි සෑහෙන්න කාලෙකින් හම්බුනේ නෑ.... බා සිං සේ දැන් ටික ටික යථා තත්වෙට පත් වෙනවා.. ඒ වගේම තමයි මගේ තේ සාප්පුවත් දැන් මුලු පෘථිවි රාජධානියෙම ප්‍රසිද්ධයි.. ඉතින් වෙනදා වගේ නෙමෙයි මම මේ ලියුම ලියන්නේ විශේෂ කාරණාවකට.. මොකද මම අපේ මුලු කණඩායමම එක්ක හමුවීමක් ලෑස්ති කරා. ඇවටා, ඔයා, සොක්කා හැමෝමයි, අපේ White Lotus එකේ සමාරම්භකයන් ටිකයි එක්ක මට වැදගත් දෙයක් සාකච්ඡා කරන්න තියෙනවා...
මම දැන් වයසක මිනිහෙක් Zuko, මට මේ හැම දෙයක් ගැනම තීරණයක් ගන්න වෙනවා...

එහෙනම් අපි අනිද්ද රෑ කැමකට මගේ බා සිං සේ වල තියෙන ගෙදරදි හම්බෙමු.....

මම Mai වයි, Izumi දුවවයි මතක් කරා කියලත් කියන්න...

මීට,
මාමා,
Iroh 

සුකෝට ඉතිරි වූයේ ප්‍රශ්නාර්ථයක් පමණි.. මීට පෙර කිසිම දිනක මාමා ගෙන් මෙවැනි කතා විලාසයක් ඔහු දැක නොතිබුණි.. මේ මොකක් ගැනද ? ඔහු තමාටම කියා ගත්තේය......

.....................................................................................................

"තාත්තේ"

සූකෝ ඔහු සිටි ලෝකයෙන් මදකට මිදුනි. කොහේදෝ සිට පැමිණි Izumi ඔහුගේ උකුලට ගොඩ වූයේ අපි උද්‍යානයට යමුද කියා අසාගෙනමයි..

"දැන් බෑ පුතේ තාත්තට ගමනක් යන්න තියෙනවා. ඒකට ලෑස්ති වෙන්න ඕනේ "

"කොහේද යන්නෙ ? "

"අයිරෝ සීයව බලලා එන්න" 

"ඇයි එකපාරටම ? " එවර ප්‍රශ්නය Mai ගෙනි..

පිළිතුරු නොදුන් සූකෝ ඇයට ලියුම පෙන්නුවේය...

" ඔව් ඔයා යන එක හොඳයි. ලියලා තියෙන විදිය මටත් එච්චර ඇල්ලුවේ නෑ..." ඇය කීවාය..

"ඔව් මට මහ අමුත්තක් දැනෙනවා. මන් ගිහින් එනකන් Maxon (සුකෝගෙ පුරෝහිත) ඔයාට උදව් කරයි රාජ්‍ය කටයුතු වලට"

.....................................................................................................

"අන්න එහෙමයි අපි මේ ලෝකෙට සාමය ගෙනාවේ. කාටහරි ප්‍රශ්න තියෙනවද ? "

Sokka තම කතාව අවසන් කරමින් උජාරුවෙන් පැවසීය. එවිටම පොඩි දරුවෙකුගේ අතක් එසවුණි.

"ඔව් කියන්න."

"මට චූ බරයි"

"ඔව් ඔහේට ඉතින් හැම වෙලේම එහෙමනේ. මම කියපු එක දෙයක් හරි අහන් හිටියද ඔය ළමයා"

"ඒත් මට චූ බරයිනේ..."

"හරි හරි යනවා එහෙනම්. තව කවුරු හරි ඉන්නවද ඒ වගේ අවශ්‍යතා වලට යන අය "

"කිරි අප්පට මෝමෝ පැනපි කිව්වලු. තොපි ඔක්කොටම යන්න ඕනෙද එතකොට"
සොක්කා ඔහුගේ බිඳුණු ස්වරයෙන් ඇසීය..

"හරි හරි යනවා එහෙනම්"

මේ වන විට Sokka නැවතත් ඔහුගේ පියා හා එක්ව දකුණු ජල ගෝත්‍රය නැවත ගොඩනගමින් සිටියේය. නායකයාගේ පුතා හැටියට ගමේ ළමයින්ට සටන් කලාව ඉගැන්වීම තම වගකීම කියලා හිතාගෙන වැඩේ පටන් ගත්තට දැන් නම් Sokka සිටින්නේ මෙයින් ගැලවීමට පොටක් හොයමිනි.

"අන්න බලන්න උකුස්සෙක්" එක පොඩි එකෙක් කෑගැසීය.

"ඌ අග්නි ජාතියේ එකෙක්" තව පොඩි එකෙක් කෑගසීය.

"කෝ කෝ එහාට" Sokka පොඩි උන් ටික අතරින් පැමිණ උකුස්සාට ගොඩ ගෑමට අත දික් කලේය.

"මන් අත දික් කලේ අත උඩ වහන්න. නැතුව මගේ ඔලුව උඩ නෙමේ" 

"ක්‍රෑහ්හ්: " හඬක් නගමින් උකුස්සා Sokka ගේ අතට මාරු විය.

එතනම ලිපිය දිග ඇර කියවන්නට ගත් Sokka ටද අත් වූයේ අනිත් සියල්ලන්ටම අත් වූ ප්‍රතිපලයයි.

"තාත්තේ... මට ඉක්මනටම බා සිං සේ වලට යන්න වෙනවා.." Sokka බෙරිහන් දෙමින් නිවස දෙසට දුවන්නට විය.

.....................................................................................................

අයිරෝගේ ලිපියේ සියලු පිටපත් මේ වන විටත් ලොව පුරාම ව්‍යප්තව සිටි White Lotus සමාරම්භකයන් හටත් ඇවටා ඇතුලු කණ්ඩායමටත් ලැබී තිබුනි..
ඔවුන් මේ වන විටත් බා සිං සේ බලා පිටත්ව යාමට සූදානමින් සිටියි.........

ඔවුන් සියල්ලන්ගේම මනසේ රැව් දෙමින් තිබුනේ එකම ප්‍රකාශයකි...

"මං දැන් වයසක මිනිහෙක්. මට මේ හැම දෙයක් ගැනම තීරණයක් ගන්න වෙනවා."

#To_Be_Continued 

------------------------------------------------------

💧 🏞️ 🔥 🌪️ 🚫 ▶️ 💮

කතාවේ Introduction එක මෙතනින් කියවන්න.

Post a Comment

0 Comments