Introduction to Agents of the White Lotus | ATLA Fanmade Story by Dineth Gunawardana

The Order of The White Lotus කියන්නේ Avatar the Last Airbender කතා මාලාවෙදි අපිට හමුවෙන, ලෝකයේ සාමය පවත්වා ගැනීම සඳහා පවත්වා ගෙන යන සංවිධානයක්. අග්නි රජු ඔසායි ගෙ කාලයේදි මේක බොහොම රහසිගත සංවිධානයක් විදියට තමයි තියෙන්නෙ. 

Original Members of the White Lotus

නමුත් Avatar Aang ලෝකයට සාමය උදාකරාට පස්සේ නැවතත් White Lotus සංවිධානය ආයෙමත් කරලියට එනවා. ඒ General Iroh, King Bumi, Master Fung, Jeong Jeong, Master Paku, Master Piando කියන අයගේ මූලිකත්වයෙන්. අපිට මේක ATLA අවසාන එපිසෝඩ් එකෙන් බලාගන්න පුලුවන් වෙනවා. 

White Lotus ආරම්භක සාමාජිකයන්

ඊට පස්සේ ආපු Legend Of Korra සීරීස් එකේ නම් White Lotus සංවිධානය ලෝකයේ පිලිගත් සංවිධානයක් විදියට අපිට දැකගන්න පුලුවන්. මෙයාලා විසින්, 

➤ඇවටා පුහුණු කිරීම
ඇවටා ආරක්ෂා කිරීම
භයානක සිරකරුවන්ව රඳවා ගෙන සිටීම 

වගේ වැඩ ගොඩාක් කරනවා අපිට බලාගන්න පුලුවන් Legend of Korra කතා මාලාවෙන්.

The White Lotus in The Legend Of Korra


නමුත් හැමෝම හිතුවා ATLA යුනිවර්ස් එකේ කතාව තවත් කන්ටිනියු වෙයි කියලා. අපි දන්න ඈන්ග්,සුකෝ, සොක්කා, කටාරා ගෙ කතාව. නමුත් ඒක තවමත් ෆෑන්ස්ලාට ලැබුනේ නෑ. ඉතින් ATLA ෆෑන් කෙනෙක් විදියට මම, මම කැමති විදියට මේකට පසුකාලින කතාවක්, එහෙමත් නැත්නම් Prequel කතාවක් නිර්මාණය කරා. ඒක තමයි දැන් මේ The Agents Of The White Lotus කියලා ඔයාලා කියවන්න ලෑස්ති වෙන්නේ...

එතකොට මේ කතවේ ප්ලොට් එක යන්නෙ ATLA අවසාන එපිසෝඩ් එකෙන් අවුරුදු 15 කට විතර පස්සේ වෙන සිදුවීමක්. මමත් මේ කතාව තවත් ඉදිරියට ලියාගෙන යන්න හිතාගෙන මමම නිර්මානය කරපු සමහර චරිත සහ ස්ථාන එහෙමත් ඔයාලට මේ කතාවෙන් හම්බෙයි. පලවෙනි කතා මාලාව මම එපිසෝඩ් 10 ක් විදියටයි ලියලා තියෙන්නේ. 

විශේෂයෙන්ම කියන්න ඕන මම බරපතල ATLA  ෆෑන් කෙනෙක් නිසා මම ආසාවට ලිව්ව කතාවක් විතරයි මේක. Charactors වල අයිතිය සහ Credit එක සම්පූර්ණයෙන්ම Original Creators ලා වෙන Michael Dante DiMartinoBryan Konietzko කියන අයට සහ Nickelodeon ආයතනයට ලැබෙන්න ඕන.

එහෙනම් කතාව කියවන්න සෙට් වෙන්න. කියවලා ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න. හැමෝටම ජය ❤️

The Agents Of The White Lotus
A Fanmade Story by Dineth Gunawardana

🀄 Episode 01 : Unexpectedly ( අනපේක්ෂිතව )

🀄 Episode 02 : On The Way ( අතරමග)

🀄 Episode 03A Visitor (අමුත්තෙක් )





Post a Comment

0 Comments