Agents Of The White Lotus Episode 02 : On The Way


ඇවටා Aang සහ අග්නි රජු Zuko, හිටපු අග්නි රජු Osai පරදා ලොවට සාමය උදා කර ඇත. එහිදී ඇවටාගේ ජයග්‍රහණය තහවුරු කිරිමට ශක්තියක් වූ ධවල සියපත් සංවිධානයේ ඉදිරි කතාවයි මේ....

The Agents Of The White Lotus  (Introduction and Episodes List)

A Story By Dineth Gunawardana

💧 🏞️ 🔥 🌪️ 🚫 ▶️ 💮

------------------------------------------------------

Season 1

------------------------------------------------------

Episode 2 : On The Way ( අතරමග) 

------------------------------------------------------

"අම්මේ අපි කොහේද යන්නේ ? "

මේ කිසිත් නොතේරෙන කායා කටාරාගෙන් විමසා සිටියාය..

"අපි බා සිං සේ වලට යන්නේ "

"ඒක තවත් වායු පන්සලක්ද ? "

" නෑ දරුවෝ ඒක තමා පෘථිවි රාජධානියේ අගනුවර. මන් යන ගමන් ඔයාට කියලා දෙන්නම්කෝ. පාකු සීයත් එහෙ ඇත්තෙ දැන්. "

"එතකොට තාත්තා එන්නෙ නැද්ද ? "

"එයාට පණිවිඩේ ලැබිලා නම් හො‍ඳයි. "

"සොක්කා මාමා ? "

"ඔව් එයත් එයි." 

"එහෙ නේද අර මගේ නමම තියෙන රජ කෙනෙක් පාලනය කලා කිව්වේ." 

" නෑ භුමී. ඒ ඔමාෂු. ඒකත් ප්‍රධාන පෘථිවි රාජධනියක්. දැන් මට කියන්නකෝ ඔයා ඔයාගෙ දේවල් ඔක්කොම ලෑස්ති කරගත්තද කියලා ? " 

"ඔව් අම්මේ ඒ ඔක්කොම ලෑස්තියි "

"හොඳයි එහෙනම් ඔයත් ඉක්මනට ගිහින් ලෑස්ති වෙන්න. මන් අපිට යන්න නැව ලෑස්තිද කියලා බලලා එන්නම් "

ඒ වන විට කටාරා කායා සහ භූමි සමග උතුරු ජල නගරය වෙත ගොස් සිටි අතර ආංග් කුඩා Tenzin සමග නැගෙනහිර වායු පන්සල වෙත ගොස් ඔහුට වායු සංස්කෘතිය පිළිබඳව කියා දෙමින් සිටියේය. ආපාව ඔවුන් කැටුව ගොස් තිබුනි. ඒ නිසා කටාරාට ආපසු යා හැකි වේගවත්ම ක්‍රමය වූයේ ඔවුන් මෙහි පැමිණි අග්නි දේශයේ නෞකාවයි.. එමගින් බා සිං සේ වරායට ගොස් නගරයේ ප්‍රධාන වලල්ලට රේල් මාර්ගයෙන් යාමට ඔවුන් සැලසුම් කර තිබුණි. කිමද බා සිං සේ වෙත යාමට වැඩිම දුරක් ගමන් කල යුතුව තිබුනේ කටාරා හා සොක්කා හටයි. සොක්කාද මේ ක්‍රමයම අනුගමනය කරන අතර මේ වන විටත් ඔහු සෑහෙන දුරක් පැමිණ අවසන්‍ ය.

------------------------------------------------------

"කවදත් වගේ ඔබතුමාගේ පිච්ච තේ එක නම් සිත් ඇදගන්නා සුලුයි. මන් කැමතියි තව කෝප්පයක් බොන්න." Master Piandao* පවසා සිටියේය. 

"ස්තූතියි ඔබතුමාට. ඕන තරම් බොන්න." අයිරෝ සිනා මුසු මුහුණින් පැවසීය.

"අනිත් අයත් හිටියනම්." බිත්තියේ එල්ලා ඇති ධවල සියපතේ මුල්ම සාමජිකයගේ පින්තූරය දෙස බලමින් Piandao සුසුමක් හෙලීය. "මොනවා කරන්නද ඉතින්....

ඒ වන විටත් ආරම්භක සාමජිකයන් වූ General Iroh, Monk Kyapso, King Buumi, Master Fung* , Master Paaku, Master Piando, Sir Jeong Jeong අතරින් ජීවත්ව සිටියේ පාකු, අයිරෝ, ජොන්ග් ජොන්ග් සහ Piandao පමණි. 

"භූමි නම් යන්න කලින් ඔමාෂු සම්පූර්ණයෙන්ම ආයෙත් ගොඩනැගුවා." මාස්ටර් පාකු ගෞරවයෙන් පැවසීය. 

"ඔව්. අනිවාර්යයෙන්ම"

"මාස්ටර් Jeong Jeong. ඔබ කැමති නැද්ද නැවතත් හමුදාවට එකතු වෙන්න. ඔබේ ගරු නාමය නැවත දිනා ගන්න පුලුවන් වෙයි." Piandao විමසා සිටියේය.

"නෑ මමත් කැමතියි මේ හැමදේකින්ම නිදහස් වෙලා අලුත් දෙයක් කරන්න. "

"ඒ කිව්වෙ ?" 

"මන් හිතන් ඉන්නේ Sun Warriors ලාව හම්බෙන්න යන්න. මට ඕන නියම අග්නි ශක්තිය ගැන ඉගෙන ගන්න. ඊට පස්සෙ ආයෙමත් සැරයක් අපේ මුතුන් මිත්තො කරපු ඒ විශිෂ්ට Firebending ක්‍රම ඉස්සරහට අරන් යන්න. මන් පාසලක් පටන් ගන්නවා... ඔබතුමා මොකද කරන්න ඉන්නෙ ? " ජොන්ග් ජොන්ග් Piando ගෙන් විමසුවේය.

"මම ආසාවෙන් ඉන්නෙ ආපහු සැරයක් ආග්‍රා* වලට යන්න. මේ සටන් ක්‍රම වලටත් පැවැත්මක් හදලා දෙන්න. " 

"ඒකනම් ඇත්තටම හොඳ අදහසක්. මමත් සෑහෙන්න කාලෙකින් එහෙට ගිහිල්ලා නෑ." පාකු පැවසීය.

"හොඳයි...." අයිරෝ නැගී සිටියේය.

"අපි මේ සංවිධානය ආරම්භ කලේ ලෝකය පුරාම සාමය පවත්වා ගන්න. දැන් ඒක අපි කරලයි තියෙන්නෙ. ඉතින් ලෝකය වෙනුවෙන් ආරම්භ කරපු මේ වැඩේ දිගටම අනාගතයත් කරන් යන්න ඕන. ඒ නිසයි මේ හමුවීම මන් ලෑස්ති කරේ."

"එතකොට ඇවටා ගැන, වායු සංස්කෘතිය ඉදිරියට ගෙන යාම ගැන මොකද කරන්නෙ" Piandao විමසා සිටියේය. 

" ඒ හැම දෙයක්ම අපි සැලසුම් කරගත්ත විදියමයි. ඒ ගැන අපි හෙට කතා කරමු. ඒ වෙනුවෙන් මේ වෙලාව කැප කරන්න මම කැමති නෑ. අදට මේ සංවිධානයට අවුරුදු 30 ක් සම්පූර්ණ වෙනවා. කියාප්සෝ හිටියනම් අද වෙනකොට ආන්ග් ඉන්න තැන ගැන ගොඩාක් ආඩම්බර වෙයි. ඉතින් ඒ නිසා අපි දැන් අපේ හැම කෙනෙක් වෙනුවෙන්ම සව්දිය පුරමු. ධවල සියපත වෙනුවෙන්. " අයිරෝ තම තේ කෝප්පය ඔසවා පැවසීය.

"ධවල සියපත වෙනුවෙන් " සෙස්සන්ද ඔහුව අනුගමනය කලේය. ඔවුන්ගේ ඒ ජය නාදය බා සිං සේ නිසල වා තලයට මුසු විය.

#To_Be_Continued 

------------------------------------------------------

💧 🏞️ 🔥 🌪️ 🚫 ▶️ 💮

*Piandao - Sokka's Master
*Fung - කාන්තාරෙදි අයිරෝ එක්ක Pai-Sho සෙල්ලම් කරපු කෙනා
*Maxon - සුකෝගෙ යාලුවෙක් කියලා හිතා ගන්නකො. වෙනම එපියකින් කියන්නම් පොර ගැන.
*ආග්‍රා - ගොඩාක් පරණ ඉස්කෝලයක්. (Hogwards වගේ කියලා හිතාගන්නකො. Benders ලා, Non Benders ලා ගොඩ දෙනෙක් මෙහෙදි සටන් ක්‍රම ගොඩාක් ඉගෙන ගන්නවා.)

Post a Comment

0 Comments