Jupiter's Legacy කියන්නේ Netflix Streaming Service එකෙන් 2021 මැයි මාසේ එලියට දාපු Superhuman / Superhero කැටගරි එකට අයත් වෙන Live Action Series එකක්. මේකට පාදක වෙලා තියෙන්නේ Mark Miller සහ Frank Quietly රචනා කරපු Jupiter's Legacy කියන කොමික් බුක් සීරීස් එක.
මේක 2013 නිකුත් වෙන සීමිත කොමික් පොත් මාලාවක් (Limited Comic Book Series). Image Comics ආයතනය තමයි මේ කොමික් මාලාව Publish කරන්නේ.
පල්ලෙහායින් දාලා තියෙනවා මම කරපු Jupiter's Legacy Official Sinhala Trailer Breakdown එකේ ලින්ක් එක. මේකෙදි මම කතා කරනවා මේ සීරීස් එකේ,
➤කොමික් පසුබිම (Comic Background)
➤සහභාගී වෙච්ච නලු නිලියෝ (Cast)
➤කතාව මොන වගේ වෙයිද ? (Plot Prediction)
වගේ දේවල්.
ඉතින් මේ වෙනකොට මේ සිරීස් එකේ පලවෙනි සීසන් එක රිලීස් වෙලයි තියෙන්නේ. Netflix Streaming Service එක හරහා ඔයාලට මේක නරඹන්න පුලුවන්. එහෙමත් නැත්තං ටොරන්ට් සයිට් හරහා උනත් ඔයාලට මේක Download කරන් බලන්න පුලුවන්. බලන්න කලින් මගෙ ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එක බලලා කතාව ගැන සරල අවබෝධයක් තියාගෙන කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
අවාසනාවකට මේ සීරීස් එක පලවෙනි සීසන් එකෙන්ම කැන්සල් කරන්න Netflix ආයතනය තීරණය කරලා තියෙනවා 💔
එහෙනම් මේ සීරීස් එකේ පලවෙනි සීසන් එකේ වෙච්ච දේවල් එක්ක තවත් ලිපියකින් හම්බෙනකන් හැමෝටම ජය වේවා ❤️
Special Thanks - Review Who Cares





0 Comments